සිය ශ්‍රම බලකාය කප්පාදු කිරීමට සැලසුම් කරන ව්‍යාපාරික දැවැන්තයා


Tesla තම සේවක ප්‍රමාණය අඩු කිරීමට කටයුතු කරයි

.

සිකුරාදා වනවිට Tesla හි කොටස් අනුපාතය 9% කින් පහත වැටී ඇති බැවින් Tesla සහ SpaceX හි ප්‍රධාන විධායක නිලධාරී Elon Musk විසින් සමාගමේ සේවකයින්ගෙන් 10% ඉවත් කිරීමට සලකා බලමින් සිටින බවට වාර්තා වේ. 

 

"ලොව පුරා කුලියට ගැනීම නවත්වන්න" යන මාතෘකාව යටතේ Tesla සමාගමේ විධායක නිලධාරීන්ට බ්‍රහස්පතින්දා දින විද්‍යුත් තැපෑල හරහා නියෝග ලැබී ඇති අතර ඔහුට ආර්ථිකය පිළිබඳව "අති නරක හැඟීමක්" ඇති බවත් සමාගමේ කාර්ය මණ්ඩලය කපා හැරීමට අවශ්‍ය බවත් එහි සදහන් කොට ඇති බව සඳහන් වේ. 

 

මෑත කාලීන නියාමන ගොනු කිරීම්වලට අනුව Tesla හි අනුබද්ධ සමාගම් ඇතුළු සියලු අංශවල, ලොව පුරා සමස්ත සේවකයින් 100,000 ක් පමණ සේවය කරන අතර Twitter මිලදී ගැනීමේ අදහස ප්‍රථම වරට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන් ටික කලකට පසු අප්‍රේල් මුල සිට Tesla කොටස්වල වටිනාකමෙන් තුනෙන් එකක් පමණ අහිමි වීම ආරම්භ වී ඇති බව පැවැසේ .

99 Views

Comments