Ramen දාමයේ ප්‍රධානියා හමුවීමට අවස්ථාව ලද ජපන් පිරිමි ළමයා


Ramen දාමයේ ප්‍රධානියා කුඩා පිරිමි දරුවකු හමුවේ

.

හෘද රෝග සමඟ පොරබදමින් සිටින, Ramen දාම වලට ආදරය කරන සහ ඔරිගාමි කලාව සදහා විශේෂ හැකියාවක් පෙන්වන 9 හැවිරිදි පිරිමි ළමයෙකු ඔහුගේ ප්‍රියතම Ramen දාම ක්‍රියාකරුගේ සභාපතිවරයාගේ අවධානයට ලක් වී ඇති අතර ඔවුන් එකිනෙකා හමුවීමට කටයුතු සුදානම් කෙරෙමින් ඇති බව වාර්තා වේ.

 

Ramen chain Tenkaippin ඉදිරිපත් කරන Tenichi Shokuhin Shoji K.K. හි සභාපතිවරයා ලෙස සේවය කරන 35 හැවිරිදි Kazuhito Kimura විසින්

Yamaguchi ප්‍රාන්තයේ Sanyo-Onoda නගරයේ Motoyama ප්‍රාථමික පාසලේ සිව්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන Kento Kitanaga නම් සිසුවා හමුවීමට ආශාවක් ඇති බව ප්‍රකාශ කර තිබේ. 

 

Kento උපතේ සිටම "tetralogy of Fallot" නම් හෘද රෝගයකින් පීඩා විඳි අතර ඔහුගේ දෙමාපියන් විසින් ඔරිගාමි පුහුණු වීම සඳහා ඔහුව දිරිමත් කර ඇත. ජපානයේ සිතියමක එක් එක් ප්‍රදේශයන්හි ඔරිගාමි "Yuru-Chara" නම් සුරතල් චරිත ඇලවීමේ ව්‍යාපෘතියක නිරත වී සිටි ඔහු විසින් අවන්හලේ සේවකයින් තේමා කරගනිමින් සිදු කරන ලද ඔරිගාමි නිර්මාණ කෘති දුටු සභාපතිවරයා මෙලෙස ඔහුව හමුවීමට තිරණය කර තිබේ.

92 Views

Comments