විශේෂඥ උපදේශකවරුන් පත්කළ Sapporo අධ්‍යාපන මණ්ඩලය


දරුවන්ට වන හිංසනය වැළැක්වීම සඳහා විශේෂඥයන්ගෙන් සමන්විත වන අධ්‍යාපන උපදේශක මණ්ඩලයක් පත් කෙරේ

.

ගුරුවරුන් සහ පාසල් කාර්ය මණ්ඩලය මගින් දරුවන්ට සිදුවන ලිංගික හිංසනයන් වැළැක්වීම සඳහා අධ්‍යාපන මණ්ඩලයේ උපදේශකයින් ලෙස නීතීඥයින් සහ අනෙකුත් විශේෂඥයින් පත් කිරීමට අදහස් කරන බව Sapporo නාගරික අධ්‍යාපන මණ්ඩලයේ නිලධාරීන් විසින් ජුනි 3 වන සිකුරාදා දින පැවැති සාකච්ඡාවකදී පවසා තිබේ. 

 

වසර 29 කට පෙර ශිෂ්‍යයෙකුට අශෝභන ලෙස හිංසා කළ බවට සැක කෙරෙන Hokkaido ප්‍රාන්තයේ අගනුවර වන Sapporo හි නාගරික කනිෂ්ඨ උසස් පාසලක පිරිමි ගුරුවරයෙකු විනයානුකූලව සේවයෙන් පහ කිරීම සම්බන්ධයෙන් මෙම පියවර ගෙන ඇත.

 

මෙලෙස පත්කෙරෙන විශේෂඥයින් විසින් ජූලි මස මුලදී සිට ගුරුවරුන් සහ සේවකයින් ඉලක්ක කර ගනිමින් පුහුණු සැසි පැවැත්වීමට සහ වින්දිතයින් සඳහා පියවර ගත යුතු ආකාරය පිළිබඳ උපදෙස් ලබා දීමට නියමිත වේ .

Comments