Hiroshima නගරයේ ආකර්ශනීය බව විදේශීය  සංචාරකයින්ට බෙදා දෙන බි‍්‍රතාන්‍ය ජාතිකයා


හිරෝෂිමා නගරයේ ආකර්ෂණීය බව බ්‍රිතාන්‍ය ජාතිකයෙකු විසින් ලෝකයට ම ලෝකයටම කියාපායි

.

ලොව ප්‍රථම යුධ කාලීන පරමාණු බෝම්බ ප්‍රහාරයේ ස්ථානය ලෙසට ලියවී තිබෙන Hiroshima නගරයේ ඉතිහාසය වෙනස් කරමින් එයින් ඔබ්බට විහිදෙන නගරයේ චමත්කාරය විදේශීය සංචාරකයන්ට පෙන්වීමේ අරමුණින් වසර 25 කට වැඩි කාලයක් පුරාවට Hiroshima නගරයේ ජීවත් වූ 53 හැවිරිදි Paul Walsh නම් බ්‍රිතාන්‍ය ජාතිකයා විසින් 2018 දි Hiroshima නගරයේ Naka Ward හි JizoHat K.K. නමින් අභ්‍යන්තර සංචාරක සමාගමක් ආරම්භ කර ඇති අතර තවමත් එය නගරයේ සුන්දරත්වය ලොවපුරා බෙදා දෙමින් අඛණ්‌ඩව පවත්වාගෙන යනු ලබයි. 

 

මෙමඟින් විදේශිකයන් සහ සංචාරකයින් සඳහා උපදේශනය සැපයෙන අතරම සංචාරක ස්ථාන පිළිබඳව තොරතුරු ඇතුළත් ඉංග්‍රීසි භාෂා වෙබ් අඩවියක් වන GetHiroshima  ක්‍රියාත්මක කරනු ලබයි. 

 

"මම 1996 දි හිරෝෂිමා වෙත පදිංචියට යන විට විදේශිකයන්ට රැස්විය හැකි ස්ථාන ස්වල්පයක් පමනක් තිබුණි. අද මෙන් අන්තර්ජාලය ව්‍යාප්ත වී නොතිබූ බැවින් උත්සාහයක් නොගෙන මම කැමති තැන් සොයා ගැනීම දුෂ්කර විය. නමුත් ටිකෙන් ටික නගරය වඩාත් සිත්ගන්නාසුළු විය. අවසානයේ මම Hiroshima නගරයේ විශාල රසිකයෙක් බවට පත් වුණෙමි " යනුවෙන් Walsh සිය අතීතය සිහිපත් කරමින් සාකච්ඡා අතරතුරදී පැවැසීය.

142 Views

Comments