Akihabara වීදි සංහාරයට ගොදුරු වූවන්ගේ 14 වැනි  අනුස්මරණ සංවත්සරය පැවැත්වේ


Akihabara සංහාරයේ අනුස්මරණය සිදු කෙරේ

.

2008 වසරේ Tokyo නගරයේ Akihabara දිස්ත්‍රික්කයේදී සිදුවූ සමූල ඝාතනය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සමීපතමයන් ජුනි 8 දින උදෑසන සිට සමූලඝාතනය සිදුවූ ස්ථානයට ආසන්න මංසන්ධියේදී එක්වී ප්‍රහාරයේ 14 වැනි සංවත්සරය සනිටුහන් කිරීම නිමිත්තෙන් විපතට පත් වූවන්ට ගෞරව දැක්වීම සහ ඔවුන් වෙනුවෙන් යාඥා කිරීම සිදු කළහ.

 

ප්‍රහාරකයා විසින් වාහනයක් පදවාගෙන යන අතරතුරේදී මාර්ගයේ රැදී සිටි පදිකයින් හට පිහියකින් ඇණ ඇති අතර මෙහිදී හත් දෙනෙකු මිය ගොස් 10 දෙනෙකු තුවාල ලැබූ බව සඳහන් වේ. 

 

2008 ජූනි 8 වෙනිදා දහවල් 12.30ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර අපරාධකරු වූ 25 හැවිරිදි Tomohiro Kato ගේ අවසන් අභියාචනය ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කොට 2015 පෙබරවාරි මාසයේදී ඔහුට මරණ දඬුවම ලබාදී තිබේ

Comments