නාගසාකි නගරයට එල්ල වූ A-බෝම්බයෙන් දිවි ගලවා ගත් පුද්ගලයා


නාගසාකි ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් වයස්ගත ම පුද්ගලයාගේ ජීවිත කතාව

.

Kagoshima ප්‍රාන්තයේ දෙවන වසරේ කනිෂ්ඨ උසස් පාසල් සිසුන් නාගසාකි සාම උද්‍යානයේ සිදුකළ පාසල් චාරිකාව අතරතුරදී ඔවුන් සමඟ සාකච්ඡා කරමින් "ඔබට වඩා වයසින් අඩු දරුවන්ට යුද්ධයට ගිය වැඩිහිටියන් වෙනුවට ඔවුන්ගේ වැඩ කොටස ඉටු කිරීමට සිදු වූ නමුත් අවසානයේදී ඔවුන් යුද්ධයේ භීතිය අත්විඳිමින් පරමාණු බෝම්බයට නිරාවරණය වී මිය ගියහ" යනුවෙන් "Nagasaki no shogen no kai " හි ප්‍රධාන ලේකම් වූ 85 හැවිරිදි Mitsugi Moriguchi  ප්‍රකාශ කළේය. 

 

ඛේදවාචකයෙන් වසර 77 ක් ගතවී ඇති හෙයින්, මෑතකාලීනව, හිරෝෂිමා සහ නාගසාකි නගරවලට පරමාණු බෝම්බ ප්‍රහාර එල්ල වූ දිනයක් පිළිබඳව වත් දරුවන් නොදන්නා බැවින් පරමාණු බෝම්බ ප්‍රහාරයේ අත්දැකීම ප්‍රකාශ කිරීම එන්න එන්නම දුෂ්කර වෙමින් පවතින බව ඔහු පෙන්වා දුන්නේය. 

 

1945 දී ඔහුට වයස අවුරුදු 8 ක් වූ විට නාගසාකි නගරයට පරමාණු බෝම්බ ප්‍රහාරය එල්ල වූ බවත්  ඊට දින 10 කට පමණ පසු නැවත නගරයට පැමිනෙන විට පිළිස්සී ගිය මළසිරුරුවලින් පිටවන දුමාරය පිළිස්සුණු කෙත් යාය පුරා සෑම තැනකම දැකගත හැකි වූ අතර දර්ශනයෙන් ඇතිවූ කම්පනය හේතුවෙන් තමන් හිරිවැටී ගිය බවක් දැනෙන්නට වූ බවත් සංවේදී මතකාවර්ජනයක නිරත වෙමින් ඔහු පැවැසීය

Comments