මිනිස් බල පිරිවැය ඉතිරි කර ගැනීමට  හදුන්වා දුන් නව රොබෝ තාක්ෂණය


බෙදාහැරීම් කටයුතු සඳහා ජපානය නව රොබෝ තාක්ෂණයක් හඳුන්වා දෙයි

.

නැගෙනහිර ජපානයේ Kanagawa ප්‍රාන්තයේ Yokosuka නගරයේ පිහිටා ඇති Seiyu සුපිරි වෙළඳසැලේ Tsukuba Takezono ශාඛාව විසින්  මිනිස් බල පිරිවැය ඉතිරි කර ගැනීමේ අරමුණින් මැයි 28 දින සිට නව රොබෝවෙක් හදුන්වා දී ඇති අතර සීමිත කාලයක් තුළදී පාරිභෝගිකයින්ගේ නිවෙස් වෙත අදාළ ඇණවුම් බෙදාහැරීම එමගින් සිදු කෙරේ. 

 

Rakuten Group Inc. , Panasonic Holdings Corp. සහ Seiyu සමාගම එක්ව මෙම ස්වයංක්‍රීය බෙදාහැරීමේ සේවාව දියත් කොට ඇති අතර ජූලි 30 දක්වා සෑම සෙනසුරාදා දිනකම Tsukuba Takezono ශාඛාවේ සිට මීටර් 850 ක පමණ අරයක් තුළ පිහිටි මහල් නිවාස සංකීර්ණ සහ වෙන්වූ නිවාස ඇතුළුව නිවාස 1,000 ක් පමණ රොබෝවරයා මගින් ආවරණය කරනු ලබයි. 

 

Rakuten හි විශේෂ වෙබ් අඩවියේ Smartphone යෙදුම හරහා Seiyu වෙළඳසැලෙන් භාණ්ඩ ඇණවුම සිදු කළ පසු, පැයට කිලෝමීටර් 4 ක වේගයකින් ගමන් කරමින් මිනිත්තු 30 ක් වැනි කෙටි කාලයක් තුළදී Panasonic විසින් සාදන ලද රොබෝවරයා අදාළ භාණ්ඩ ඇණවුම පාරිභෝගිකයාගේ නිවසටම ලබා දෙයි.  රොබෝවරයාගේ පැමිණිම පාරිභෝගිකයාගේ ජංගම දුරකතනයට දැනුම් දිමේදී හිමිවන කේතය ඇතුළත් කිරීමෙන් පසුව රොබෝවරයාගෙන් අදාළ අයිතම පිටතට ගත හැකිවන අතර හැසිරවීමේ ගාස්තුවක් ලෙස ගනුදෙනුකරුගෙන් යෙන් 110 මුදලක් පමණක් මෙහිදී අය කරනු ලැබේ.

111 Views

Comments