ගංවතුර හමුවේ සේදී ගිය මධ්‍යම චීනය


පසුගියදා ඇතිවූ ගංවතුරෙන් මධ්‍යම චීනයට දැඩි හානි ඇතිවේ

.

මධ්‍යම චීනයේ Huna  ප්‍රාන්තයේ ඇතිව තිබෙන ගංවතුර තත්ත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් තිදෙනෙකු අතුරුදහන් වී ඇති බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය. 

 

ජුනි මාසය ආරම්භයේ සිටම මුළු පළාත පුරාවටම කුණාටු පැතිරී ඇති බවත් අතර සමහර නිරීක්ෂණ මධ්‍යස්ථාන විසින් ඓතිහාසික  මට්ටමේ වර්ෂාපතන අගයන් වාර්තා කරන බවත් චීනයේ Xinhua පුවත් ඒජන්සිය බදාදා අගභාගයේදී පැවැසීය .

 

ගිම්හාන කාලයේදී චීනයේ මධ්‍යම සහ දකුණු ප්‍රදේශවල ග්‍රාමීය සහ කඳුකර භූමි කොටස් විශාල වශයෙන් ගංවතුර අවදානමට ලක් වන අතර මේ වසරේදී පළාතේ මිලියන 1.8 ක පමණ ජනතාවක් ගංවතුරෙන් පීඩාවට පත්ව ඇති බව සඳහන් වේ. ඔවුන්ගෙන් 286,000 ක් දෙනා ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර ඇති අතර නිවාස 2,700 කට වැඩි ප්‍රමාණයක් හානි වී හෝ සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බව ඒජන්සිය තවදුරටත් අදහස් දක්‌වමින් පැවසීය.

103 Views

Comments