නවතම ලෝක ශ්‍රේණිගත කිරීම් වලට එක්වූ ජපන් විශ්ව විද්‍යාල


ටෝකියෝ විශ්ව විද්‍යාලය ජපානය ඉහළම විශ්වවිද්‍යාලය බවට පත්වෙයි

.

ජුනි 9 වන බ්‍රහස්පතින්දා දින බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාල ඇගයුම් ආයතනයක් වන QS Quacquarelli Symonds විසින් නිකුත් කරන ලද QS ලෝක විශ්වවිද්‍යල ශ්‍රේණිගත කිරීම්වල 2023 සංස්කරණය අනුව ජපන් විශ්ව විද්‍යාල පහක් හොඳම 100 දෙනා අතරට තේරී පත්ව ඇති අතර ටෝකියෝ විශ්ව විද්‍යාලය ජපානයේ ඉහළම ස්ථානය ලබාගනිමින් ලැයිස්තුවේ 23 වන ස්ථානයට පැමිණ ඇති බව වාර්තා වේ. 

 

ලොව පුරා විශ්ව විද්‍යාල 1,418ක් මෙහිදී ශ්‍රේණිගත කිරීමේ කටයුතු සඳහා නම් කර තිබූ අතර ජපාන විශ්ව විද්‍යාල 50ක් එයට ඇතුළත්ව තිබිණි . Tokyo විශ්ව විද්‍යාලය පිට පිටම දෙවන වසරේදීත් 23 වන ස්ථානයට පත් වූ අතර, Kyoto විශ්ව විද්‍යාලය 36 වන ස්ථානයටත්, Tokyo තාක්ෂණ ආයතනය 55 වන ස්ථානයටත්, Osaka විශ්ව විද්‍යාලය 68 වන ස්ථානයටත්, Tohoku විශ්ව විද්‍යාලය එහි 79 වන ස්ථානයටත් පත්ව ඇත. 

 

එක්සත් ජනපදයේ Massachusetts තාක්ෂණ ආයතනය අඛණ්ඩව 11 වැනි වසරටත් ලැයිස්තුවේ ඉහළම ස්ථානයට පත්වූ අතර දෙවන ස්ථානයට එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය සහ තෙවන ස්ථානයට එක්සත් ජනපදයේ Stanford විශ්ව විද්‍යාලය තේරී පත්ව තිබේ .

161 Views

Comments