පසුගිය බ්‍රහස්පතින්දා දින එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ පැවති මහා සභා මැතිවරණයේදී වාර්තාගත 12 වැනි වරටත් ජපානයට ස්ථිර නොවන ආසනයක් ලැබී ඇති අතර, එහි දෙවසරක ධූර කාලය ලබන ජනවාරි මස ආරම්භ වීමට නියමිත බව වාර්තා වේ .
ජපානය 1956 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ වූ අතර ප්‍රතිසංස්කරණය කරන ලද ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයෙකු වීමේ අදහස පිළිබඳව දිගු කලක සිට ඉදිරිපත් කර ඇති නමුත් අවසන් වරට ජපානය විසින් 2017 දෙසැම්බර් සිට ගතවූ වසර දෙක තුළදී 15 දෙනෙකුගෙන් යුත් කවුන්සිලයේ ස්ථිර නොවන සාමාජිකයෙකු ලෙස සේවය කොට තිබේ .
කවුන්සිලයේ යෝජනා නැවත නැවතත් උල්ලංඝනය කරමින් රුසියානු ආක්‍රමණය සහ උතුරු කොරියාවේ න්‍යෂ්ටික මෙන්ම මිසයිල ක්‍රියාකාරකම් වැනි තත්වයන් ඇතිවී තිබියදීත්, ආරක්ෂක මණ්ඩලයට "ඵලදායි ලෙස ක්‍රියා කිරීමට නොහැකි වූ නිසා අභියෝග සහිත කාලයකට මුහුණ දී සිටින බව" ජපානයේ විදේශ අමාත්‍ය Yoshimasa Hayashi නව තනතුර සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.