ඉන්දුනීසියානු ගම්වාසීන් කම්පනයට පත්කරවමින් සිදුවූ  අත්අඩංගුවට ගැනීම


කොවිඩ් ආධාර වංචා කලායැයි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම ඉන්දුනීසියානු වැසියන්ගේ කණගාටුවට හේතු වේ

.

පසුගියදා අත්අඩංගුවට පත්වූ ජපානයේ COVID-19 සහනාධාර මුදල් වංචා කළ  සැකකරුගේ ඉන්දුනීසියානු ව්‍යාපාරික හවුල්කරුවෙකු වන 43 හැවිරිදි Masduki බ්‍රහස්පතින්දා සිය අදහස් දක්‌වමින් පැවසුවේ මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තමා කණගාටුවටත් කම්පනයටත් පත් වූ බවයි. 

 

ඉන්දුනීසියාවේ Lampung පළාතේ Sri Dadi ගම්මානයේ මත්ස්‍ය වගාව දිගටම කරගෙන යාමේ බලාපොරොත්තුව  Mitsuhiro Taniguchi අත්අඩංගුවට ගැනීම මගින් විනාශ වී ඇති බවත් තමාට සහ ගමේ මිරිදිය මත්ස්‍ය ගොවීන්ට ආර්ථික වශයෙන් ආධාර කරන "සත්‍ය විශ්වාසවන්ත ආයෝජකයෙකු" ලෙස තමා ටානිගුචි දන්නා බවත් ගුරුවරයෙකු වන Masduki තවදුරටත් අදහස් දක්‌වමින් කියා සිටියේය. 

 

"වසංගතය අතරතුර මාළු අලෙවිය පහත වැටුණා. පසුව ඔහු යම් ආකාරයක ගැලවුම්කරුවෙකු වශයෙන් , අපගේ ජීවිත බේරා ගැනීමට දේවදූතයෙකු ලෙස මෙහි පැමිණියා. කෙසේ වෙතත්, ඔහු හදිසියේම අත්අඩංගුවට ගත් නිසා අපගේ බලාපොරොත්තු සහ සතුට කෙටිකාලීන වුණා " යනුවෙන් අනෙකුත් ගම්වැසියන් ද සිය ශෝකය ප්‍රකාශ කොට තිබේ .

136 Views

Comments