ජපාන අගමැති NPT සමාලෝචන සමුළුවට සහභාගී වෙයි


ජපාන අගමැති තුමන් NPT සමාලෝචන සමුළුවට සහභාගි වීමට සූදානම් වෙයි

.

එළැඹෙන අගෝස්තු මාසයේ නිව් යෝර්ක් නගරයේ දී පැවැත්වීමට නියමිතව ඇති න්‍යෂ්ටික අවි ප්‍රගුණනය නොකිරීමේ ගිවිසුමේ සමාලෝචන සමුළුවට ජපානය නියෝජනය කරමින් සහභාගී වීමට වත්මන් ජපාන අගමැති Fumio Kishida සලකා බලමින් සිටින බව රජයේ මූලාශ්‍රයක් සිකුරාදා නිවේදනය කළේය.

 

1975 සිට 2015 දක්වා සෑම වසර පහකට වරක්ම පවත්වනු ලැබූ සමාලෝචන රැස්වීම COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් 2020 වසරේදී කල් දමා ඇති අතර එය යළිත් මේ වසරේ අගෝස්තු 1 සිට අගෝස්තු 26 දක්වා පැවැත්වීමට නියමිතව තිබේ. මෙවැනි සමුළුවකට සහභාගී වන පලමු ජපාන අගමැති බවට පත්වෙමින් Kishida විසින් එහි දේශනයක් පැවැත්වීමට ද සැලසුම් කර ඇති බව වාර්තා වේ. 

 

රටවල් 190ක් පමණ එක්ව ඇති NPT යනු දැනට ලොව පුරා වඩාත්ම පුළුල් ලෙසින් අනුමත වී ඇති න්‍යෂ්ටික අවි පාලන ගිවිසුමයි.  න්‍යෂ්ටික සහ න්‍යෂ්ටික නොවන රාජ්‍යයන් මෙන්ම පරමාණු බෝම්බ ප්‍රහාරවලින් දිවි ගලවා ගත් පුද්ගලයින් සහ සිවිල් කණ්ඩායම් ද මෙහි සාමාජිකයන් ලෙස ක්‍රියා කරනු ලබයි .

145 Views

Comments