73 හැවිරිදි සිය වයෝවෘද්ධ බිරිඳගේ මළ සිරුර ඔවුන් දෙපළ වාසය කළ නිවසේ තිබීයදී සොයා ගැනීමෙන් අනතුරුව මළ සිරුර අතහැර දමා ගිය බවට සැකපිට Gunma ප්‍රාන්තයේ Ota ප්‍රදේශයේ පොලිසිය විසින් මියගිය කාන්තාවගේ සැමියා ලෙස සැලකෙන Mitsuo Obata නම් 73 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය බ්‍රහස්පතින්දා දින Obata ගේ බිරිඳ විසින් නිරතුරුවම භාවිතයට ගත් භාරකාර සේවයෙන් පොලිසියට ඇමතුමක් ලැබී ඇති අතර , මැයි 10 වැනිදා සිට ඇයගෙන් කිසිඳු තොරතුරක් නොලැබුණු බවත්, කාර්ය මණ්ඩල සාමාජිකයන් නිවසට ගිය විට, කාන්තාවගේ සිරුර tatami-mat කාමරයක් තුළ බ්ලැන්කට්ටුවක ඔතා දමා ගොස් තිබියදී හමූවී ඇති බවත් පවසා ඇත .
නමුත් Obata විසින් තමන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනාව ප්‍රතික්ෂේප කරමින් “ඇයි ඔබ මාව අත්අඩංගුවට ගන්නේ?” යනුවෙන් පොලිසියෙන් ප්‍රශ්න කර ඇති බව සඳහන් වේ. මරණයට හේතුව සොයා බැලීම සඳහා වන මරණ පරීක්ෂණය සිකුරාදා දින පොලිස් නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් සිදු වුවද තවමත් එහි ප්‍රතිඵල මාධ්‍ය වෙත නිකුත් කර නොමැත.