ආරක්ෂක උපකරණ හුවමාරු කිරිම සඳහා වූ ජපාන - සිංගප්පූරු සාකච්ඡාව


ආරක්ෂාව තර කිරීම පිළිබඳ ජපාන සිංගප්පූරු සබඳතා වර්ධනය වේ

.

ඉන්දු- පැසිෆික් කලාපය තුළ ඉහළ යමින් පවතින චීනයේ මිලිටරිකරණය හමුවේ අග්නිදිග ආසියාතික ජාතීන් සමග පවතින ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ගැඹුරු කිරීමේ අරමුණින් ජපාන අග්‍රාමාත්‍ය Fumio Kishida සිකුරාදා දින සිංගප්පූරුවේ ආරක්ෂක නිලධාරීන් සහ විශේෂඥයින් අතර පැවැති Shangri-La ආරක්ෂක සංවාදයට සහභාගී වූ අතර සෙනසුරාදා දින සිංගප්පූරුවේ අගමැති Lee Hsien Loong හමූවී සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. 

 

ජපානය මේ වනවිට සාමවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සීමාවන් තුළ සිටිමින් ආරක්ෂක උපකරණ සහ තාක්‍ෂණය අපනයනය කිරීම සඳහා ඉන්දුනීසියාව, මැලේසියාව, තායිලන්තය, පිලිපීනය සහ වියට්නාමය සමඟ දිගුකාලීන මිත්‍ර රාජ්‍යයක් වන එක්සත් ජනපදය ද ඇතුළත් වන ජාතීන් 12 ක් සමඟ සමාන ගිවිසුම් අත්සන් කර ඇත. 

 

රුසියාවේ යුක්‍රේන ආක්‍රමණයේ ප්‍රතිවිපාක පිළිබඳව ජපාන නායකයා සිය කනස්සල්ල ප්‍රකාශ කර ඇති අතර "නිදහස් සහ විවෘත" ඉන්දු-පැසිෆික් කලාපයක් සාක්ෂාත් කර ගැනීම සඳහා සිංගප්පූරුව සමඟ පවතින සහයෝගීතාව වැඩිදියුණු කිරීම Kishida ගේ මෙම සංචාරයේ අරමුණ ලෙස දක්වා තිබිණි.

103 Views

Comments