ජපාන අගනුවර ජුනි 11 වන සෙනසුරාදා දින නව Corona වෛරස් ආසාදිතයින් 1526 දෙනෙකු වාර්තා වූ බව ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජය නිවේදනය කළේය.
නව ආසාදිතයින් 810 කට COVID-19 එන්නත් දෙකක් ද, 17 කට එක් එන්නතක් ද ලබා දී ඇත. අනෙක් ආසාදිතයින්ගෙන් 385 දෙනෙකු එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන නොමැති අතර 314 දෙනෙකුගේ එන්නත් තත්ත්වය නොදන්නා බව පැවැසේ .
ජුනි 11 වන දින COVID-19 මරණ දෙකක් පමණක් වාර්තා වී ඇති අතර ඒ අනුව ටෝකියෝවේ මුළු Corona මරණ සංඛ්‍යාව 4535 ක් ලෙස දක්වා තිබේ .