Aichi ප්‍රාන්තයේ සිදුවූ අභිරහස් ඝාතනයේ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනේ


Aichi ප්‍රාන්තයේ සිදු වූ ඝාතනයක සැකකරු අත්අඩංගුවට ගනී

.

මැයි 10 වන දින මධ්‍යම රාත්‍රියේදී Aichi ප්‍රාන්තයේ Osaka හි පදිංචිව සිටි 29 හැවිරිදි Masahiro Miura නම් පුද්ගලයෙකු පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට ස්ථිර රැකියාවක් නොමැති 26 හැවිරිදි Koki Arima නම් පුද්ගලයෙකු Aichi ප්‍රාන්තයේ Chiryu හි පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ. 

 

කාණුවේ තිබී සොයා ගත් Miuraගේ සිරුරේ උඩුකය ප්‍රදේශයේ සහ මුහුණේ පිහි ඇනුම් ප්‍රහාර 10 පමණ තිබූ අතර ඔහු සතුව තිබූ යෙන් 142,000 මුදලක් සොරකම් කළ බවට Arima හට චෝදනා එල්ල වී ඇති බව පොලිසිය පවසයි. 

 

Arima නම් ඝාතකයා Miura ට ණය වී  සිටි බවත් මරණයට හේතුව ඒ ඔස්සේ ඇතිවූ ආරවුලක් විය හැකි බවත් විමර්ශනයෙන් හෙළි වී ඇති බව වාර්තා වේ.

139 Views

Comments