විකුණුම් යන්ත්‍ර හරහා ජනතාව අතරට පැමිණෙන මේස්


දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමට ජපානයෙ නොයෙක් ස්ථානවල මේස් විකුණුම් යන්ත්‍ර ස්ථාපනය කරයි

.

රටේ විශාලතම මේස් නිෂ්පාදන ප්‍රදේශය වන බටහිර ජපානයේ Nara ප්‍රාන්තයේ Koryo නගරයේ මේස් සංගමය විසින් 2021 මූල්‍ය වර්ෂයේදී පවත්වන ලද මේස් නිර්මාණ තරගයෙන් තේරී පත්වූ හොඳම මේස් වර්ග තුනක් වාණිජකරණය කිරීම සනිටුහන් කරමින් පැය 24 පුරාවටම විකුණුම් යන්ත්‍ර හරහා ජනතාවට මිලදී ගැනීමට හැකි වන පරිදි නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ . 

 

දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් Osaka නගරය පදනම් කරගත් බීම නිෂ්පාදකයෙකු වන DyDo Drinco සමාගමේ සහයෝගීතාවයෙන් Koryo නගරයේ ස්ථාන අටක මේස් විකුණුම් යන්ත්‍ර ස්ථාපනය කර ඇති අතර මේස් යුගලයක් යෙන් 500 ලෙසට මිල නියම කර ඇත. 

 

රජයේ නාගරික ශාලාව, නාගරික පුස්තකාලය, සෞඛ්‍ය හා සුභසාධන ශාලාව, මධ්‍යම ප්‍රජා මධ්‍යස්ථානය මෙන්ම මධ්‍යම , උතුරු, බටහිර සහ Mamigaoka හි පිහිටා ඇති ජිම්නාස්ටික් ශාලා වල මෙම විකුණුම් යන්ත්‍ර පිහිටුවා ඇති අතර නගරාධිපති Yoshiyuki Yamamura නව නිෂ්පාදනය පිළිබඳව අදහස් දක්වමින් "මිනිසුන් විකුණුම් යන්ත්‍ර හරහා බීම මිලදී ගන්නා විට, ඔවුන් ද මේස් මිලදී ගැනීමට අපට අවශ්‍යය" යනුවෙන් කියා සිටියේය.

99 Views

Comments