උතුරු කොරියාවේ පළමු කාන්තා විදේශ අමාත්‍යවරිය බවට පත් වූ Choe Son


ප්‍රථම වරට උතුරු කොරියාවේ විදේශ අමාත්‍ය ධුරයට කාන්තාවක් පත්වෙයි

.

පසුගියදා උතුරු කොරියාවේ පාලක කම්කරු පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් අතර පැවැති පුළුල් වූ පූර්ණ රැස්වීම අතරතුරදී රටේ ප්‍රථම කාන්තා විදේශ අමාත්‍යවරිය ලෙසින් Choe Son Hui නම් කොට ඇති බව රාජ්‍ය මාධ්‍ය සෙනසුරාදා වාර්තා කළේය.

 

උතුරු කොරියාව සිය හත්වන න්‍යෂ්ටික අත්හදා බැලීම නුදුරේදීම සිදු කරනු ඇතැයි අනුමාන කිරීම් මධ්‍යයේ මෙම පත්විම ලබාදී ඇති අතර Choe ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස මෙන්ම සහ නායක Kim Jong Un ගේ සමීප සහායකයෙකු ලෙස මීට පෙරදී සේවය කර තිබේ .

 

න්‍යෂ්ටික අවි පිළිබඳ ගැටළු මෙන්ම එක්සත් ජනපදය සහ උතුරු කොරියාව අතර පැවැති සාකච්ඡා දිගු කලක් තිස්සේ ඇය විසින් හසුරුවා ඇති බවත් දෙරට අතර න්‍යෂ්ටික අවිහරණය සහ සම්බාධක සහන පිළිබඳ සෘජු සාකච්ඡා වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ ඇනහිට ඇති බැවින් යළි එම සබදතා නගාසිටුවීමේ අරමුණින් ඇයව එම ධුරයට පත් කර ඇති බව පැවැසේ.

122 Views

Comments