ජපානය පුරා පිහිටි පොලිස් ස්ථාන ඇතුළුව අනෙකුත් ස්ථාන කීපයකටම කරදරකාරී ඇමතුම් 11,500ක් පමණ ලබා දී ව්‍යාපාරවලට වංචනික ලෙස බාධා කිරීම සම්බන්ධයෙන් 40 හැවිරිදි Masato Yasumoto නම් පුද්ගලයෙකු ජුනි 9 වැනි දින මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුවේ Kojimachi පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ .
නාඳුනන රැකියාවක නිරත වන ඔහු මධ්‍යම ජපානයේ Tsu නගරයේ පදිංචිකරුවෙකු වන අතර 2021 ඔක්තෝම්බර් මාසයේ සිට මෙලෙස අනවශ්‍ය ඇමතුම් ලබාදීම ආරම්භ කර තිබේ.
පසුගිය ජනවාරි 9 වන දින Tokyo නගරයේ Chiyoda Ward හි පිහිටි Kojimachi පොලිස් ස්ථානයට 30 වතාවක් පමණ කතා කර "ඔබට දුර්වල ප්‍රතිචාරයක්" යැයි කෑගසමින් සහ කිසිවක් නොකියා on-hold පණිවිඩ වාදනය කිරීමෙන් පොලිස් රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් ඔහුට විශේෂයෙන් චෝදනා එල්ල වේ. ඔහු තමාට එරෙහි චෝදනා පිළිගෙන ඇති නමුත් "වැරදිකරු ඔබයි" යනුවෙන් පොලිසියට පැවසූ බව වාර්තා වේ.