නැවත ආරම්භ වූ ත්‍රෛපාර්ශ්වික සහයෝගීතාව වර්ධනය කිරීමේ සමුළුව


ජපානය, එක්සත් ජනපදය හා දකුණු කොරියාව අතර සහයෝගීතාවය නැවත ආරම්භ වේ

.

උතුරු කොරියාව විසින් නුදුරේදීම තවත් න්‍යෂ්ටික අත්හදා බැලීමක් සිදුකරනු ඇතැයි යන අවිනිශ්චිතතාවය සහ කලාපය තුළ ඉහළ යමින් පවතින ආතතීන් හමුවේ ජපානයේ, එක්සත් ජනපදයේ සහ දකුණු කොරියාවේ ආරක්ෂක ප්‍රධානීන් සෙනසුරාදා දින සිංගප්පූරුවේදී සාමූහික සාකච්ඡා ආරම්භ කර තිබේ. 

 

ජපාන ආරක්ෂක අමාත්‍ය Nobuo Kishi, එක්සත් ජනපද ආරක්ෂක ලේකම් Lloyd Austin සහ දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍ය Lee Jong Sup යන නායකයින් තිදෙනා එක්ව අද දින පවතින ඔවුන්ගේ පළමු ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාවලදී ආරක්ෂක සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

උතුරු කොරියාව මේ වසරේ ආරම්භයේ සිට බැලස්ටික් මිසයිල අත්හදා බැලීම් වට 16 ක් සිදු කර ඇති අතර, පසුගිය ඉරිදා Pyongyang විසින් රටේ විවිධ ප්‍රදේශවලින් මිසයිල අටක් එල්ල කරමින් සිදුකළ නවතම අත්හදා බැලීමත් සමඟ සිංගප්පූරුවේ දී මෙම වාර්ෂික ආසියා ආරක්ෂක සමුළුව  ආරම්භ වී තිබේ.

157 Views

Comments