ආසියානු ආරක්ෂක සමුළුවට සමගාමීව ජපාන ආරක්ෂක අමාත්‍ය Nobuo Kishi සහ සහ චීනයේ ආරක්ෂක අමාත්‍ය Wei Fenghe අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ඉරිදා දින සිංගප්පූරුවේදී ආරම්භ වූ අතර එය දින තුනක් පුරාවට පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
ජපානය මගින් පාලනය කරනු ලබන නැගෙනහිර චීන මුහුදේ Senkaku දූපත් අසල ප්‍රදේශය තායිවානයේ සහ චීනයේ යාත්‍රා මගින් ආක්‍රමණය කිරීම පිළිබඳව Kishi විසින් මෙහිදී අවධාරණය කරනු ඇති බවට අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
චීන නැව් ජපාන මුහුදු ප්‍රදේශය නැවත නැවතත් ආක්‍රමණය කිරීම, රුසියාවේ යුක්රේන ආක්‍රමණය සහ උතුරු කොරියාව නැවත නැවතත් මිසයිල අත්හදා බැලීම් දියත් කිරීම පිළිබඳව නායකයන් දෙදෙනා සිය අදහස් හුවමාරු කර ගනු ඇතැයි මේ පිළිබඳ සමිප මූලාශ්‍ර පැවැසීය .