උතුරු කොරියානු නායක Kim Jong Un බාහිර තර්ජනවලට මුහුණ දීම සඳහා වැඩි ආරක්ෂක හැකියාවක් ඉල්ලා දින කිහිපයකට පසුව එළැඹි ඉරිදා දින කාලතුවක්කු ප්‍රහාර බවට සැක කෙරෙන නව අත්හදා බැලීම් කිහිපයක් ඔවුන් විසින්ම මුහුද දෙසට එල්ල කරන ආකාරය නිරීක්ෂණය වූ බව දකුණු කොරියානු හමුදාව නිවේදනය කළේය.
ඉරිදා උදෑසන උතුරු කොරියානු කාලතුවක්කු යැයි විශ්වාස කෙරෙන ගුවන් ගමන් පථ කිහිපයක් තමන් විසින් අනාවරණය කරගත් බවත් උතුරු කොරියාව පිළිබඳ තීව්ර කරන ලද සෝදිසි කිරීම් මධ්‍යයේ දකුණු කොරියාව එක්සත් ජනපදය සමඟ සමීප සම්බන්ධීකරණයෙන් ස්ථිර මිලිටරි සූදානමක් පවත්වාගෙන යන බවත් දකුණු කොරියාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
"උතුරු කොරියාව තම රටට සෘජු තර්ජනයක් වන පරිදි ඔවුන්ගේ ආයුධ පද්ධති වැඩිදියුණු කරමින් සිටීම සම්බන්ධයෙන් අපි අපගේ කනස්සල්ල පළ කරනවා. එවැනි ඕනෑම උතුරු කොරියානු ප්රයත්නයකට එරෙහිව දැඩි ලෙස ක්‍රියා කිරීම අපි යළි යළිත් තහවුරු කරනවා" යනුවෙන් සැක සහිත දියත් කිරීම් පිළිබඳව සාකච්ඡා කිරීම වෙනුවෙන් කැඳවා තිබූ ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමකදී දකුණු කොරියානු නිලධාරීන් විසින් ප්‍රකාශ කළ බව දකුණු කොරියානු ජනාධිපති කාර්යාලය සඳහන් කළේය .