ජනතාව තුළ ඉහළ යමින් පවතින පුරස්ථි ග්‍රන්ථි පිළිකා


ජනතාව අතර පුරස්ථි ග්‍රන්ථි පිළිකා වාර්තා වීම ඉහළ යන බව පරීක්ෂණයකින් හෙළිවේ

.

ජනගහනයේ වයස්ගත පුරවැසියන්ගේ ප්‍රතිශතය ඉහළ යාමත් සමඟ වැඩි පිරිසක් පිළිකා රෝගීන් ලෙස විනිශ්චය කරනු ලැබුවද  පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා වැඩිහිටි මහලු භේදයකින් තොරව සීග්‍රයෙන් ඉහළ යමින් පවතී. ජපානයේ පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා ඇති බවට හඳුනාගත් පුද්ගලයින්ගේ සංඛ්‍යාව පසුගිය වසර 10 තුළ 1.8%  ගුණයකින් ඉහළ ගොස් ඇති බව පසුගියදා සිදුකරන ලද සමික්ෂණයක් මගින් හෙළිවී තිබේ. 

 

පුරස්ථි ග්‍රන්ථිය යනු මුත්‍රා මාර්ගය වටකර ඇති සහ මුත්‍රාශයට යටින් පිහිටා ඇති පිරිමින් තුළ පමණක් දක්නට ලැබෙන ඉන්ද්‍රියයක් වන අතර එය ශුක්‍ර තරලයේ කොටසක් නිපදවයි.  ජපානයේ ජාතික පිළිකා මධ්‍යස්ථානයේ 2022 පිළිකා සංඛ්‍යාලේඛන වලට අනුව, 2018 දී ජපානයේ පිරිමින් 92,021 ක් පුරස්ථි ග්‍රන්ථි පිළිකාවෙන් පෙළෙන බවට සොයාගෙන ඇති අතර එය මෙතෙක් වාර්තා වී ඇති ඉහළම අගය ලෙස සැලකේ. 

 

පුරස්ථි ග්‍රන්ථියේ සිදුකරන විශේෂිත ප්‍රතිදේහජනක (PSA) පරීක්ෂණ මගින් පිළිකාව කල්තියා හඳුනාගැනීම ඵලදායී වන අතර, 2020 වන විට මහ නගර සභාවලින් 78.1% එවැනි සෞඛ්‍ය පරීක්‍ෂණවලට යොමුවී පරීක්ෂණ පවත්වමින් සිටියහ.  සෞඛ්‍ය, කම්කරු හා සුබසාධන අමාත්‍යාංශය විසින් එය මේ වනතුරුම අනිවාර්ය පරික්ෂණයක් ලෙස නම් කර නොතිබු නමුත් බොහෝ පළාත් පාලන ආයතන ස්වාධීනව සිය ජනතාවගේ යහපත වෙනුවෙන් මෙම පරීක්ෂණය සිදු කරනු ලබයි.

163 Views

Comments