ජීවයේ සම්භවය පිළිබඳ ඉඟි රැගෙන පැමිණි Ryugu ග්‍රහක සාම්පලය 


Ryugu ග්‍රාහක සාම්පලය අභ්‍යවකාශය ජීවය පිළිබඳව ඉඟි ලබා දෙයි

.

ජපන් අභ්‍යවකාශ ගවේෂණ යන්ත්‍රයක් මගින් කිලෝමීටර මිලියන 300ක් පමණ ඈතින් පිහිටි Ryugu ආකාශ වස්තුව වෙත සිදුකළ වසර හයක Hayabusa-2 ගවේෂණ මෙහෙයුමකින් පසුව Ryugu ග්‍රහකයේ පෞරාණික ද්‍රව්‍ය 2020 දී නැවත පෘථිවියට ගෙනැවිත් තිබූ අතර එහිදී එකතු කර ගන්නා ලද ග්‍රහක දූවිලි කොටස් විශ්ලේෂණය කිරීම මගින් ඒවායෙහි කාබනික ද්‍රව්‍ය අඩංගු වන බවත් එමඟින් පෘථිවියේ දැනට සම්භවය වී ඇති ජීවය සම්බන්ධ කොටස් කිහිපයක් අභ්‍යවකාශයේද සෑදී ඇති බවත් විද්‍යාඥයෝ පෙන්වා දී තිබේ. 

 

“පෘථිවිය තුළ ජීවයේ සම්භවය පිළිබඳ ඉඟි ලබා දිය හැකි ඇමයිනෝ අම්ල 23 ක් සහ අනෙකුත් කාබනික ද්‍රව්‍ය එහි තිබී සොයා ගත් බව " බටහිර ජපානයේ Okayama විශ්ව විද්‍යාලයේ නායකත්වයෙන් යුත් පර්යේෂක කණ්ඩායම විසින් සිකුරාදා ප්‍රකාශයට පත් කරන ලද එක් පත්‍රිකාවක සදහන් වේ. 

 

"උල්කාපාත ඇතුළු මානව වර්ගයාට ලබා ගත හැකි ඕනෑම ස්වභාවික නියැදියක වඩාත්ම ප්‍රාථමික ලක්ෂණ Ryugu නියැදිය සතුව ඇත" යනුවෙන් ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය (JAXA) නව සොයාගැනීම් පිළිබඳව  නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

151 Views

Comments