යුක්‍රේනයේ සිසුන් පිළිගැනීමට එක්වූ ජපානයේ විශ්ව විද්‍යාල


ජපාන විශ්වවිද්‍යාලවලින් යුක්රේන සිසුන් පිළිගනී

.

රුසියානු ආක්‍රමණයෙන් පසු යුක්‍රේනය තුළ නැවතත් නිර්මාණය කළ නොහැකි යැයි පෙනෙන ස්ථාවර අනාගතය යළි ගොඩනැගීමේ බලාපොරොත්තු ඇතිව  යුද්ධයෙන් විනාශ වූ යුක්‍රේනයෙන් පලා යන සිසුන් පිළිගැනීමට සහ ඔවුන්ට උපකාර කිරීම සඳහා ජපන් විශ්ව විද්‍යාල 16ක් එකතු වී තිබේ. 

 

ජාත්‍යන්තර ක්‍රිස්තියානි විශ්ව විද්‍යාලය, Meiji විශ්ව විද්‍යාලය සහ Sophia විශ්ව විද්‍යාලය ඇතුළු විද්‍යාල මගින් දළ වශයෙන් සිසුන් 70 දෙනෙකුට සම්පූර්ණ අධ්‍යාපනය මෙන්ම අධ්‍යයනය කිරීමට ආරක්ෂිත පරිසරය නොමිලේ ලබා දීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ. 

 

"අධ්‍යාපනය ශිෂ්‍යයෙකුගේ අයිතියකි. මෙම මුලපිරීම හරහා සිසුන්ට ඔවුන්ගේ අධ්‍යයන කටයුතු කරගෙන යාමට ආරක්ෂිත පරිසරයක් ලබා දීමට අපට අවශ්‍යයි " යනුවෙන් නව ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්‌වමින් ICU හි නිලධාරියෙකු පැවසීය.

Comments