ගෙල සිරකර මරා දමා තිබූ කාන්තාවකගේ මළසිරුරක් නිවසකින් හමුවේ


නිවසක තිබී කාන්තා මළ සිරුරක් හමුවෙයි

.

පසුගිය සතියේ Chiba ප්‍රාන්තයේ Choshi හි නාගරික මහල් නිවසක් තුළ තිබියදී ගෙල සිර කර මරා දමා ඇතැයි සැලකෙන 68 හැවිරිදි Tamiko Isobe නම් කාන්තාවකගේ මළ සිරුරක් ජුනි 9 වන දින සවස 6 ට පමණ හමුවී ඇති බව වාර්තා වේ .

 

පශ්චාත් මරණ පරීක්ෂණයේදී, මරණයට පෙර ඇයගේ ගෙල සිරකර ඇති බවට සලකුණු අනාවරණ වී ඇති බවත් ඇය මියගොස් දින කිහිපයක් ගත වී ඇති බවත් හෙළිවී තිබේ. 

 

Tamika මියයාමට පෙර සතිය තුළ ඇය වෙත පැමිණියේ කවුරුන්ද යන්න සොයා බැලීම සඳහා මහල් නිවාස ගොඩනැගිල්ලෙන් පිටත සවි කර ඇති නිරීක්ෂණ කැමරා දර්ශන විශ්ලේෂණය කරමින් සිටින බව පොලිසිය සඳහන් කළේය.

96 Views

Comments