2022 ජුනි 11 වන දින Fukushima ප්‍රාන්තයේ Inawashiro නගරයේ Inawashiro ඔසු උද්‍යානයේ "කුඩ අහස" යන මාතෘකාව යටතේ, සාම්ප්‍රදායික ජපන් කුඩ 120 ක් සහ බටහිර සම්ප්රදායයේ කුඩ 620 ක් භාවිතා කරමින් ජලය මත පරාවර්තනය වන පරිදි වර්ණවත් කුඩ කලා ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ .
කුඩා ළමුන්ගේ බහුතර ආකර්ෂණය හිමිව ඇති මෙම සංදර්ශනය Instagram හි වඩාත් ප්‍රචලිතව ඇති අතර අසල්වැසි Aizuwakamatsu නගරයේ සිට තම පවුලේ සාමාජිකයන් සමඟ සංදර්ශනය නැරඹීමට පැමිණි 27 හැවිරිදි කාන්තාවක් "මම මේ ගැන Instagram හි ඉගෙන ගෙන මෙහි පැමිණි නමුත් එය ඡායාරූපවලට වඩා ලස්සනයි" යනුවෙන් පැවැසීය.
සංදර්ශනය ඔක්තෝබර් මස අවසානය දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඇතුල්වීමේදී වැඩිහිටියන් සඳහා යෙන් 350 සහ ප්‍රාථමික පාසල් සිසුන් සඳහා යෙන් 250 වශයෙන් ගෙවිය යුතු අතර කුඩා ළමුන් සඳහා නොමිලේ ඇතුල්විය හැකිවේ.