Osaka අධ්‍යාපන මණ්ඩලය ගුරුවරුන්ගෙන් සිදුකළ නවතම ඉල්ලීම


තාප ආඝාතය හමුවේ පීඩාවට පත්වන දරුවන් පිළිබඳව සැලකිලිමත් වන්නයි ගුරුවරුන්ගෙන් ඉල්ලීම් කෙරේ

.

Osaka ප්‍රාන්තයේ ප්‍රාථමික හා කනිෂ්ඨ උසස් පාසල් බොහොමයක සිසුන් අතර තාප ආඝාතය වැළඳීමේ මෙන්ම ඇතැම් විට රෝහල් ගත කිරිමේ අවස්ථා කීපයක්ම වාර්තා වී ඇති බැවින් ව්‍යායාම පන්ති සහ සමාජ ශාලා ක්‍රියාකාරකම් වලට සහභාගී වන විට දරුවන්ගේ මුව ආවරණය ඉවත් කිරීමට ඔවුන්ට උපදෙස් ලබාදෙන ලෙස නාගරික අධ්‍යාපන මණ්ඩලය පසුගිය ජුනි 13 දින සිය ආචාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටි බව වාර්තා වේ. 

 

ව්‍යායාම කරන විට, පාසලට යන විට සහ ආපසු එන විට මුව ආවරණය ඉවත් කරන ලෙස දරුවන්ට උපදෙස් දෙන මෙන් මණ්ඩලය විසින් ප්‍රාන්තයේ සියලුම පාසල් දැනුවත් කර ඇති නමුත් සමහර දරුවන්ගේ භාරකරුවන් පෙන්වා දී ඇත්තේ "ඔවුන්ගේ ගුරුවරුන් එසේ නොකරන විට ළමයින් ඔවුන්ගේ මුව ආවරණය ගලවා ගැනීමට පසුබට වන" බවයි.

 

"උෂ්ණත්වයට එරෙහිව මෙන්ම වර්තමානයේදී සිදුවන අනතුරු වැලැක්වීම සඳහා තවදුරටත් සවිස්තරාත්මක පියවර ගැනීමට අපි කැමැත්තෙමු" යනුවෙන් අධ්‍යාපන මණ්ඩලයේ නිලධාරියෙකු නව ක්‍රියාමාර්ගය පිළිබඳව අදහස්‌ දක්‌වමින් ප්‍රකාශ කළේය.

116 Views

Comments