බලු පැටවුන් 221 දෙනෙකු ළඟ තබා ගත් කාන්තාවට නඩු


අයහපත් සෞඛ්‍ය තත්ත්වය යටතේ බලු පැටවුන් විශාල ප්‍රමාණයක් ළඟ තබාගත් කාන්තාවක් අත්අඩංගුවට ගැනේ

.

සතුන්ගේ සුබසාධනය සහ කළමනාකරණය පිළිබඳ පනත උල්ලංඝනය කරමින් අපිරිසිදු තත්ත්ව යටතේ කුඩා බලු පැටවුන් 200කට වැඩි ප්‍රමාණයක් රඳවා තබා ගත් බවට Chiba ප්‍රාන්තයේ Yachimata හි වාසය කළ 63 හැවිරිදි රැකියා විරහිත කාන්තාවකට එල්ල වී තිබූ චෝදනා මත පදනම්ව ප්‍රාන්ත පොලිසිය විසින් ජුනි 14 වන දින ඇයව නඩු පවරන්නන් වෙත වාර්තා  කොට තිබේ. 

 

මෙම කාන්තාව විසින් ඇයට එරෙහිව ගොනු කර තිබෙන චෝදනා පිළිගෙන ඇති අතර “එය නියත වශයෙන්ම අපයෝජනයක්” යනුවෙන් විමර්ශන නිලධාරීන්ට පවසා ඇත .

 

මාර්තු මාසයේදී ප්‍රාන්ත පොලිසිය විසින් ඇගේ නිවස වටලන විට, බොහෝ සුනඛයන්ගේ ශරීරයේ මළපහ ගෑවී බෙහෙවින් අපිරිසිදු වී සිටි බවත් බොහෝ දෙනෙකු දුර්වල සෞඛ්‍ය තත්ත්වයක සිටි බවත් සඳහන් වේ . ජුනි 14 දින වනවිට බලු පැටවුන් 200 ක් පමණ ප්‍රාන්ත රජයේ සහ අනෙකුත් ආයතනවල ආරක්ෂාව යටතේ වර්ධනය වෙමින් සිටි බව වාර්තා විය .

102 Views

Comments