දකුණු කොරියානු උසාවියේ සාක්ෂිකරුවෙකු ලෙස පෙනී සිටි ජපාන භික්ෂුව


දකුණු කොරියානු පන්සලක සිදු වූ සොර කමක් සම්බන්ධයෙන් ජපාන භික්ෂුවක් සාක්ෂි ලබාදේ

.

2012 දී දකුණු කොරියානු සොරුන් විසින් නිරිතදිග ජපානයේ Nagasaki ප්‍රාන්තයේ Tsushima හි පිහිටි Kannonji බෞද්ධ විහාරස්ථානයේ තැන්පත් කර තිබියදී සොරකම් කරන ලද ලෝකඩ බුද්ධ ප්‍රතිමාව නැවත ලබා දෙන ලෙස ඉල්ලා සිටි පන්සලේ නායක ස්වාමීන් වහන්සේ 2017 දී දකුණු කොරියානු රජය විසින් ගොනු කරන ලද අභියාචනා නඩුවේ පළමු ජපන් සාක්ෂිකරු ලෙස දකුණු කොරියානු අධිකරණයේ පසුගිය බදාදා පෙනී සිටි සේක. 

 

සංස්කෘතික සම්පතක් ලෙස නම් කර ඇති   Kannonji විහාරස්ථානයේ  සාමාජිකයෙකු වූ Setsuryo Tanaka කියා සිටියේ "මම ප්‍රකාශ කිරීමට කැමති දෙය නම්,  ආගමික සංස්ථාවක් ලෙස 1953 දි ප්‍රථම වරට පිළිගත් දින සිටම ප්‍රතිමාවේ හිමිකාරිත්වය Kannonji විහාරයට හිමිවූ බවයි. "

 

නමුත් පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ජපන් විහාරස්ථානය විසින් 'ප්‍රතිමාව නීත්‍යානුකූලව ජපානයට ගෙන ගිය බවට' ඉදිරිපත් කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ එය සනාථ කිරීමට නිල සාක්ෂි නොමැති බවයි. ඒ හේතුවෙන් තවත් නඩු වාරයක් අගෝස්තු මාසයේ පැවැත්වෙන පරිදි නඩුව කල් දමා ඇති බව වාර්තා වේ.

110 Views

Comments