පුණ්‍ය මුද්‍රා නාට්‍ය සංදර්ශනයේ රඟ දක්වන යුක්‍රේනයේ නිවුන් නර්තන ශිල්පියෝ 


යුක්රේන රුසියානු යුද්ධය හේතුවෙන් ජපානයට පැමිණි නිවුන් මුද්‍රා නර්තන ශිල්පීන් ප්‍රසංගයක් ඉදිරිපත් කරයි

.

තම මව් රටේ සිදුවූ රුසියානු ආක්‍රමණය හමුවේ ආරක්ෂාව පතා යුක්‍රේනයෙන් පලාවිත් ජපානයට පැමිණි යුක්‍රේන නිවුන් මුද්‍රා නාට්‍ය නර්තන ශිල්පීන්  ජූලි 15 වන දින නගරයේ Chuo Ward හි Kobe Bunka ශාලාවේදී පැවැත්වීමට නියමිත පුණ්‍ය ප්‍රසංගයක දී රඟ දැක්වීමට නියමිතය.

 

Kobe International Art නම් මුද්‍රා නාට්‍ය සමාගම විසින් සංවිධානය කරනු ලබන මෙම උත්සවයේදී  යුද්ධය හේතුවෙන් ආපසු පැමිණි ජපන් මුද්‍රා නාට්‍ය නර්තන ශිල්පීන් "Paquita" ඇතුළු තවත් වැඩසටහන් වලට සහභාගී වීමට නියමිතව ඇති අතර 28 හැවිරිදි යුක්රේනියානු නිවුන් දරුවන් වන Oleksandr සහ Svyatoslav Lipko ද මෙහි කොටසක් ලෙස කටයුතු කරනු ලබයි. 

 

මෙම පුණ්‍ය ප්‍රදර්ශනය ජූලි 15 දින සවස 6 ට ආරම්භ වන අතර 6.30 ට තිරය විවෘත කෙරේ. උත්සව ශාලාවේ පළමු මහලේ ආසනයක් සඳහා යෙන් 7,000 සහ බැල්කනියේ ආසනයක් සඳහා යෙන් 5,000 මුදලක් අය කෙරෙන අතර ජපන් භාෂාවෙන් පහත සඳහන් දුරකථන අංක ඇමතීමෙන් සහ වෙබ් අඩවිය භාවිතයෙන් ප්‍රවේශපත් වෙන් කර ගත හැකිය. 

 

Kobe Bunka ශාලාව: 078-351-3349

 

Ticket Pia: https://t.pia.jp/pia/event/event.do?eventCd=2217527

 

Kobe International Art: https://www.kobe-i-ballet.com/%E3%83%81%E3%82%B1%E3%83%83%E3%83%88%E8%B2%A9  %E5%A3%B2/

Comments