දෙමුහුන් සහ පූර්ණ විදුලි වාහන ලෙස වැඩි දියුණු කළ නිෂ්පාදනයට සැරසෙන Ferrari


ferrari දෙමුහුන් සහ විදුලි මෝටර් රථ නිෂ්පාදනයට පෙළඹේ

.

ඉතාලියේ සුඛෝපභෝගී ක්‍රීඩා මෝටර් රථ නිෂ්පාදකයෙකු වන Ferrari සමාගම විසින් 2030 වන විට සම්පූර්ණ විදුලි වාහන 40% ක් සහ දෙමුහුන් මාදිලි 40% ක් ලෙසින් අවශ්‍ය වන ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමේ නව විද්‍යුත්කරණ උපාය මාර්ගය බ්‍රහස්පතින්දා දින එළිදැක්වීම සිදු කළහ. 

 

පළමු විදුලි මෝටර් රථය 2025 දී ඉදිරිපත් කරන බවත්, ඊළඟ වසරේ දී පළමු බෙදා හැරීම සිදු කරන බවත් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Benedetto Vigna මෙහිදී අදහස් දක්‌වමින් තහවුරු කළේය. 

 

Ferrari හි මාදිලි පරාසය පුළුල් කරමින් 2023 සිට 2026 දක්වා නව අධි ක්‍රියාකාරී සුපිරි මෝටර් රථයක් ඇතුළුව නව මාදිලි 15ක් දියත් කිරීමට සමාගම සැලසුම් කර ඇති බවත් උතුරු ඉතාලි නගරයක් වන Maranello හි පිහිටි කර්මාන්තශාලාවේදී නිෂ්පාදනය කළ Purosangue උපයෝගිතා වාහනය සැප්තැම්බර් මාසයේදී එළිදක්වන බවත් සමාගම මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් කියා සිටියේය.

98 Views

Comments