ආහාර අර්බුදය සම්බන්ධයෙන් අවධානය කෙරෙන G-7 මීළඟ සමුළුව


මීළඟ G7 සමුළුවේදී ලෝක ආහාර අර්බුදය පිළිබඳව අවධානය යොමු වීමට නියමිතයි

.

රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය අඛණ්‌ඩව සිදුවෙමින් පවතින මොහාතක, බොහෝදුරට යුක්‍රේන ධාන්‍ය ආනයනය මත රඳා පවතින අප්‍රිකාව වැනි කලාපවල මේ වනවිට උද්ගතව ඇති ආහාර හිඟය පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් ප්‍රධාන සංවර්ධිත රටවල් හතක කණ්ඩායමේ සාමාජිකයන් ජුනි මස අගදී සාකච්ඡා ආරම්භ කිරීමට නියමිත බව  රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පසුගියදා නිවේදනය කළේය. 

 

මීළඟ සමුළුව ජුනි 26 දින සිට දකුණු ජර්මනියේ Schloss Elmau හිදී දින තුනක් පුරාවට පැවැත්වීමට සැලසුම් කර ඇති G-7 සමුළුවේ පදනම ආහාර අර්බුදය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

විදේශ අමාත්‍ය Yoshimasa Hayashi අන්තර්ජාලය හරහා මෙම සමුළුවට සහභාගී වීමට සලකා බලමින් සිටින බවත් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන වැනි ආයතන වල දායකත්වයෙන් ආහාර හිඟය විසඳීමට ජපාන රජය දරන මානුෂීය ප්‍රයත්නයන් පිළිබඳව පැහැදිලි කිරීමට අපේක්ෂා කරන බවත් මේ පිළිබඳව සමීප මුලාශ්‍ර පැවැසීය .

101 Views

Comments