ඉහළ ගිය උද්ධමනය හමුවේ පැවැත්වෙන BOJ හි පලමු ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීම


ජපානයේ අධික උද්ධමනය පාලනයට ප්‍රතිපත්ති සකස් කිරීමට සූදානම් වේ

.

පසුගිය ජුනි 16 ආරම්භ වූ ජපාන බැංකුවේ දින දෙකක ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී  උද්ධමනය සහ යෙන් හි සීග්‍ර පරිහානිය පිළිබඳ ඕනෑම වෙනසක් පරීක්ෂා කිරීමට සහ බැංකුවේ අතිවිශිෂ්ට මූල්‍ය ප්‍රතිපත්තිය නොවෙනස්ව තබා ගැනීමට පුළුල් ලෙස අපේක්ෂා කරන බව වාර්තා වේ. 

 

වසර හතකට පමණ පසු අප්‍රේල් මාසයේදී ජපානයේ මූලික පාරිභෝගික උද්ධමනය, BOJ හි උද්ධමන ඉලක්කය ඉක්මවමින්   ප්‍රථම වරට 2% කින් ඉහළ යාමෙන් පසුව කැඳවනු ලැබූ පලමු ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීම මෙය වේ. මූල්‍ය ලිහිල් කිරීම අඛණ්ඩව රඳවා තබා ගැනීම යුක්ති සහගත කිරීම මෙන්ම එය පාරිභෝගිකයින් සමඟ සම්බන්ධ නොවී ඇති බවට එල්ල වන විවේචන සැලකිල්ලට ගැනීම අතර සියුම් තුලනය කිරීමේ ක්‍රියාවලියකට ජපාන බැංකුව මුහුණ දී සිටින බව මේ පිළිබඳව දැනුමක් සහිත විශ්ලේෂකයෝ පවසති. 

 

"වර්තමාන උද්ධමනය පාරිභෝගිකයින්ට නරක අයුරින් බලපෑම් සිදු කළද , මිල ඉහල යාම සම්බන්ධයෙන් ආර්ථිකය තුළ ගොඩනැගී ඇති Kurodaගේ දිගුකාලීන අරමුණු සාක්ෂාත් කර ගැනීමට එය හොඳම අවස්ථාවක් විය හැකි බව" Meiji Yasuda පර්යේෂණ ආයතනයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Yuichi Kodama කියා සිටියේය .

Comments