වැඩිහිටි දර්ශන වලට පෙනී සිටින්නන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පිහිටවූ නව නීතිය


චිත්‍රපට වල වැඩිහිටි දර්ශන සදහා පෙනී සිටින පුද්ගලයන්ගේ ආරක්ෂාව සඳහා නීති සම්පාදනය කෙරේ

.

ජුනි 15 වන දින වැඩිහිටි දර්ශන වලට පෙනී සිටින්නන්ව නොයෙකුත් ආකාරයට වීඩියෝ ශිල්පීන් විසින් සූරාකෑම වැළැක්වීමේ අරමුණින් නීති සම්පාදකයින් විසින් ඉදිරිපත් කරන ලද නව පනත සම්මත කළ අතර එහිදී අසභ්‍ය වීඩියෝවල පෙනී සිටීමෙන් පීඩාවට පත් වූ බොහෝ දෙනෙකු නීතීඥයින් සහ වෙනත් වගකිව යුත්තන් සමඟ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වී, නව නීතිය පිහිටුවීමේ පලමු පියවරට මහත් ලෙස ප්‍රශංසා කර තිබේ .

 

නව නීතිය මගින් වැඩිහිටි දර්ශන ඇතුළත් වීඩියෝ වලදී සූරාකෑමට ගොදුරු වූවන්ට ඔවුන්ගේ වයස හෝ ස්ත්‍රී පුරුෂ භාවය නොසලකා, අදාළ වීඩියෝව නිකුත් කිරීමෙන් වසරක් දක්වා වූ ඕනෑම කාලයක් තුළදී කොන්දේසි විරහිතව ඔවුන්ගේ කොන්ත්‍රාත්තු අවසන් කිරීමේ ස්වාධීන අයිතිය හිමිවිය. 

 

ගිවිසුමක් අත්සන් කිරීම සහ වැඩිහිටි වීඩියෝවක් රූගත කිරීම අතර මාසයක කාලයක් සහ වීඩියෝව රූගත කිරීම සහ එය නිකුත් කිරීම අතර මාස හතරක කාලයක් නීතියෙන් අවශ්‍ය වේ.  නීතිය කඩකිරීමක් සිදුවුවහොත් එහිදී වසර තුනක සිර දඬුවමක් හෝ යෙන් මිලියන 3ක් දඩයක් නියම කළ හැකි අතර සාමූහිකව එය සිදුවන්නේ නම් යෙන් මිලියන 100ක් දක්වා දඩ මුදලක් නියම කිරිමේ හැකියාවක් පවතී.

126 Views

Comments