ඩ්‍රෝන යානා යොදා ගනිමින් වෙනත් පුද්ගලයකුගේ ඔත්තු බැලූ ජපන් ජාතිකයා


ඩ්‍රෝන යානා යොදාගනිමින් තවත් පුද්ගලයෙකුගේ ඔත්තු බැලූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගනියි

.

Nagano ප්‍රාන්තයේ Matsumoto හි පදිංචිව සිටි Yuki Kunimatsu නම් 29 හැවිරිදි පුද්ගලයෙකු, ඩ්‍රෝන යානා භාවිතා කරමින් අන්තර්ජාලය හරහා හඳුනා ගත් පුද්ගලයකුගේ ඔත්තු බැලීම මෙන්ම ඔහුගේ සහ නිවසේ නොයෙකුත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හැර රටේ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින හිරිහැර වැළැක්වීමේ ආඥා පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජුනි 15 වන දින සැකපිට අත්අඩංගුවට ගත් බව Chiba ප්‍රාන්ත පොලිසිය නිවේදනය කළේය.

 

Chiba ප්‍රාන්ත පොලිසියේ සයිබර් අපරාධ කොට්ඨාශයට අනුව, 2020 ජනවාරි සිට 2021 මැයි දක්වා කාලය තුළ Niigata ප්‍රාන්තයේ ජීවත් වූ 36 හැවිරිදි වින්දිතයාගේ නිවස වටා ඩ්‍රෝන යානා යොදාගනිමින් 69 වතාවක් ඔත්තු බැලූ බවට Yuki හට චෝදනා එල්ල වන අතර සැකකරු විසින් එම  චෝදනා පිළිගෙන ඇත . නමුත් ඔවුන් දෙදෙනා අන්තර්ජාලය හරහා ඇසුරු කර තිබූ, කිසිදිනෙක පෞද්ගලිකව මුණගැසී නොතිබූ අය බැවින් මෙවැනි ගැටලුවක් ඇතිවීම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ. 

 

ඔහු විසින් අදාළ වින්දිතයා ඇවිදින ආකාරයට අදාල ජායාරූප මෙන්ම ඩ්‍රෝන යානා සහ කැමරාවලින් ලබා ගත් ඔහුගේ නිවසේ  ජායාරූප 12 වතාවක් මාර්ගගත දැන්වීම් පුවරු සහ සමාජ මාධ්‍ය වෙත පළ කර ඇති අතර ඒවායින් ඇතැම් පළ කිරීම් එම පුද්ගලයාට අපහාස වන අයුරින් සිදු කර තිබූ බව නිලධාරීන් මෙහිදී අදහස් දක්‌වමින් කියා සිටියහ.

105 Views

Comments