උද්ගතව ඇති අර්බුද හමුවේ දරුවන්ට තෑගි වවුචර ලබා දීමට පියවර ගත් ජපාන ප්‍රාන්තය


උපකාර අවශ්‍ය දරුවන්ට තෑග්ග වවුචර පත් ලබාදීමට ජපාන රජය තීරණය කරයි

.

මහජනතාවට දරාගත නොහැකි වන පරිදි අඛණ්‌ඩව ඉහළ යමින් පවතින භාණ්ඩ හා සේවා මිල ගණන්වලට ප්‍රතිචාර වශයෙන් Osaka ප්‍රාන්තයේ දැනට පදිංචිව සිටින වයස අවුරුදු 18 හෝ ඊට අඩු  සියලුම දරුවන්ට ජූලි මස අවසානය වනවිට යෙන් 10,000 වටිනා තෑගි වවුචර බෙදා හැරීමට ප්‍රාන්ත රජය තීරණය කළ බව ආණ්ඩුකාර Hirofumi Yoshimura ජුනි 15 දින නිවේදනය කළේය. 

 

ජුනි 30 වන විට ප්‍රාන්තයේ පදිංචි සහතිකයක් ඇති, 2023 අප්‍රේල් 1 වන දිනට වයස අවුරුදු 18 හෝ ඊට අඩු සියලුම දරුවන් වවුචර පත් ලබාගැනීම සදහා සුදුසුකම් ලබන අතර නූපන් ළදරුවන් අදාළ දින වකවානු තුළ උපත ලබන්නේ නම් 2023 පෙබරවාරි 28 වන විට උප්පැන්න දැනුම්දීම්  ප්‍රාන්තයේ මහ නගර සභා වෙත ඉදිරිපත් කළ යුතු වේ .

112 Views

Comments