අලුතින් විවෘත වූ Yokohama නගරයේ Westin හෝටලය 


යොකොහාමා නගරයේ westin හෝටලය විවෘත වේ

.

Sekisui නිවාසයට අයත් කාමර 373 කින් සමන්විත Westin හෝටලය Yokohama හි නව මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කය වන Minato Mirai හිදී ආරම්භ වූ අතර දුම්රියෙන් ගමන් කරන්නේ නම් Haneda ගුවන් තොටුපලේ සිට මිනිත්තු 25 ක සහ Tokyo නගර මධ්‍යයේ සිට විනාඩි 36 ක කාලයකට පසුව හෝටලයට ළඟා විය හැකිය. 

 

"ජපානය තුළ The Westin Yokohama විවෘත කිරීමත් සමඟ අපගේ සන්නාමයේ අඩිපාර ව්‍යාප්ත කිරීමට ලැබීම ගැන අපි සතුටට පත්වෙනවා. Westin, දශකයකට වැඩි කාලයක් යහපැවැත්මේ ගෝලීය ආගන්තුක සත්කාර ප්‍රමුඛයා ලෙස සිටිමින් ඉදිරියටත් නවීන සංචාරකයින්ගේ අවශ්‍යතාවලට අනුවර්තනය වීම සඳහා සිය අත්සන සහිත සුවතා වැඩසටහන් අඛණ්ඩව විකාශනය කරන්න බලාපොරොත්තු වෙනවා ."

 

"ඒ වගේම Westin Yokohama ජපානයේ නව මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කයේ සහ ගමනාන්තය තුළ සිය විවේක සොයන අමුත්තන්ට සහ ප්‍රදේශවාසීන්ට සුවිශේෂී අත්දැකීමක් ලබා දෙන නව තෝතැන්නක් ලෙස මෙතැන් සිට ආරම්භ වෙනවා" යනුවෙන් Westin Hotels Resorts හි ගෝලීය සන්නාම නායිකාව සහ Marriott International හි Distinctive Premium Brands හි උප සභාපතිනිය වන Jennifer Connell සමාරම්භක උත්සවයේදී පැවසීය.  

 

හෝටලයේ අමුත්තන් වෙනුවෙන් වෙන් කර ඇති කාමර 373 විශාල සහ පුළුල් ඇඳන් , බිම සිට සිවිලිම දක්වා උසින් යුතු ජනේල සහ අධිකව ස්නානය කළ හැකි වතුර මල් , සුදු තේ කෝමාරිකා නාන පහසුකම්, විශාල නාන තුවා සහ සුඛෝපභෝගි නානකාමර වැනි පහසුකම් රාශියකින් සමන්විත වේ.

125 Views

Comments