ගිනි නිවන හමුදාවේ නව සාමාජිකයන් බවට පත්වූ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවෝ


ජපානය ගිනි නිවන හමුදාවට ශිෂ්‍යාවන් බදවා ගැනේ

.

Kinokawa ප්‍රාන්තයේ පිහිටි Kindai විශ්ව විද්‍යාලයේ Wakayama මණ්ඩපයේ ස්වේච්ඡා ගිනි නිවන හමුදාවේ නව සාමාජිකයන් ලෙස මෙම වසන්තයේ දී පළමු වරට ශිෂ්‍යාවන් හත් දෙනෙකු බඳවාගෙන ඇති බව වාර්තා වන අතර භූමිකම්පා සහ වෙනත් විපත් වලදී ක්ෂණිකව ගලවා ගැනීමේ මෙහෙයුම් දියත් කරන ගිනි නිවන කණ්ඩායම් විවිධාංගීකරණය කිරීමට මෙම පියවර දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

2019 අප්‍රේල් මාසයේ දී Wakayama මණ්ඩපයේ ශිෂ්‍ය ගිනි නිවන හමුදා කණ්ඩායම ආරම්භ වූ දින සිටම කාන්තා සාමාජිකයින් නොසිටි අතර මණ්ඩපය කඳුකරයේ පිහිටා ඇති බැවින් වෘත්තීය ගිනි නිවන භටයින්ට ඉක්මනින් පැමිණීමට අපහසු වේ. එනිසා තමන්ගේම ක්‍රියාකාරකම් තුළින් විශ්වවිද්‍යල භූමිය තුළ සිදුවන හානිය අවම කර ගැනීම අරමුණු කර ගනිමින් මෙම ශිෂ්‍ය ගිනි නිවන කණ්ඩායම ආරම්භ කර තිබේ. 

 

මෙම කණ්ඩායම මගින්  විශ්ව විද්‍යාලය හෝ ඒ අවට ප්‍රදේශවල හටගන්නා ලැව් ගිනිවලට සහ ආපදා තත්ත්ව වලට ප්‍රතිචාර දක්වන අතර ප්‍රාථමික හා කනිෂ්ඨ උසස් පාසල්වල දේශන පවත්වමින් ආපදා වැළැක්වීමේ සහ අවම කිරීමේ පූර්ව ක්‍රියාකාරකම්වල නිරත වේ.

97 Views

Comments