ජපාන සිද්ධස්ථානයකදී නිර්මාණය කළ අලංකාර බලු පැටවුන්ගේ අනුරූ


ජපාන සිද්ධස්ථානයක අලංකාර බලු පැටවුන්ගේ අනුරූ නිර්මාණය වේ

.

නිරිතදිග ජපානයේ Kumamoto ප්‍රාන්තයේ Yamaga හි Omiya සිද්ධස්ථාන පරිශ්‍රයේ පිහිටි Yasaka සිද්ධස්ථානයේදී ජූනි 11 සිට 15 දක්වා පවත්වන ලද Gion උත්සවයට සමගාමීව ජනතාවට ලබාදීම සඳහා සිද්ධස්ථානයේ කාර්ය මණ්ඩලය සහ ප්‍රදේශවාසීන් එක්ව සහල් පිටි භාවිතයෙන්  ප්‍රියජනක බලු පැටවුන්ගේ අනුරූ එනම් යහපත් සෞඛ්‍ය සඳහා වන යාඥාවන් නියෝජනය කරන "lngo-hyotan Charms" රාශියක් නිර්මාණය කර තිබේ. 

 

උසින් සෙන්ටිමීටර 5 ක් පමණ වන මෙම බලු පැටවා, කරවිල කරලක් අල්ලාගෙන සිටින ආකාරය විදහා දැක්වෙන පරිදි රතු සහ කහ ආහාර වර්ණක යොදාගෙන චාම් ලෙස වර්ණාලේප කර ඇති අතර වියළීම නිසා මෙම අනුරුව ඉරිතැලී යනවිට නිවසේ අවාසනාව වළක්වන බව කියනු ලැබේ. 

 

Edo යුගයේ පටන් පැවත එන පුරාවෘත්තයකට අනුව එකල පැතිරෙමින් තිබූ වසංගතයක් නැවැත්වූ කරවිල ගෙඩියක් සහ දේවත්වය ලද බලු පැටවෙකු සිහිපත් කරමින් මෙය නිර්මාණය කර ඇති අතර  "සියලු දෙනාම නිරෝගීව සිටිනු ඇතැයි සහ හැකි ඉක්මනින් COVID-19 වසංගතය අවසන් වනු ඇතැයි යන බලාපොරොත්තුව සහිතව මිනිසුන්ට Charms අනුරූ භාර දීමට මම කැමතියි" යනුවෙන් ජ්‍යෙෂ්ඨ පූජක Takeaki Sugitani උත්සවයට පෙර අදහස් දක්වමින් කියා සිටියේය.

146 Views

Comments