දරුවන්ට ප්‍රීතිය ගෙනෙන ත්‍රාසජනක උණ බම්බු පාලමේ බෝට්ටු සවාරිය


Hydrangea උළෙල ආරම්භ වෙයි

.

Chiba ප්‍රාන්තයේ Tako නගරයේදී වසර තුනකට පසු පළමු වරට පැවැති Hydrangea උත්සවය ජුනි 12 වන දින දරුවන් සහ දෙමාපියන් බොහෝ දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැති අතර මෙහි උණ බම්බු පාලමේ බෝට්ටු සවාරිය යාම දරුවන්ට ඉමහත් ප්‍රීතියක් ගෙන දෙන අත්දැකීමක් වූ බව වාර්තා වේ.  

 

නගරයේ ළමා උපදේශකවරුන්ගේ සම්බන්ධීකරණ සභාවේ සහ ප්‍රාදේශීය ළමා සංගම් සම්බන්ධක සභාවේ සාමාජිකයින් එක්ව උත්සවයට පෙර මැයි මාසයේදී නගරයේ තැනින් තැන පිහිටි උණ ගස් 300 ක් පමණ කපා අවශ්‍ය ප්‍රමාණයට උණ බම්බු සකස් කොට උසින් මීටර් 5ක් සහ දිගින් මීටර් 50ක් පමණ වන  පරිදි ලිස්සන සුළු බෑවුමක් නිර්මාණය කර තිබේ. මෙම ත්‍රාසජනක සවාරියේදී පැතලී බෝට්ටුවක් වැනි තැටියක් යොදාගනිමින් ඉහළ සිට පහළට ලෙස්සා යන අතර එක් වටයක් අවසන් වූ පසු, ප්‍රදේශවාසීන් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් කඹ මගින් බෝට්ටුව නැවත ආරම්භක ස්ථානයට ගනු ලබයි. 

 

" එය සකස් කිරීම දුෂ්කර වූ අතර එකලස් කිරීමේ කාර්යය මගේ කාර්යමණ්ඩලයට දැඩි මහන්සියක් ගෙන දෙන්නක් විය. නමුත් මෙහි දෙමාපියන් සමඟ පැමිණ නැවුම් අත්දැකීමක් ලබාගන්නා දරුවන් දැකීම සතුටට කරුණකි.  ලබන වසරේ සහ ඉන් ඔබ්බත් මෙය අඛණ්‌ඩව පවත්වාගෙන යාමට අපි කැමතියි" යනුවෙන් නගරයේ ඉදිකිරීම් ව්‍යාපාරයක් පවත්වාගෙන යන සහ ප්‍රාදේශීය ළමා උපදේශක සම්බන්ධතා කවුන්සිලයේ ප්‍රධානියා ලෙස සේවය කරන වන 47 හැවිරිදි Shuichi Katsumata උත්සවය සම්බන්ධයෙන් අදහස් දක්‌වමින් කියා සිටියේය

114 Views

Comments