ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් ඇතිවන විනාශකාරී බලපෑම්වලින් පීඩා විඳින දුප්පත් ජාතීන්ට යළි නැගී සිටීම වෙනුවෙන් හිමිවන සහනාධාර ලබා දිමේ ප්රයත්නයන්ට යුරෝපා සංගමය සහ එක්සත් ජනපදය ඇතුළු ධනවත් රටවල් මේ වසරේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණ සමුළුවේදී තදින්ම එරෙහිව තිබේ .
බ්රහස්පතින්දායින් අවසන් වෙමින් පවතින ජර්මනියේ Bonn හිදී පවත්වනු ලැබූ දස දින සූදානම් කිරීමේ රැස්වීමකට සහභාගී වූ නිරීක්ෂකයින් සහ ප්රචාරකයින් එක්ව දේශගුණික විපත්වලට ගොදුරු වූ විට දුප්පත් රටවලට වැඩි ආධාර ලබා ගත හැකි ආකාරය විධිමත් ලෙස සාකච්ඡා කිරීමට එරෙහිව සංවර්ධිත ජාතීන් දක්වන ප්රතිරෝධය පිළිබඳව සිය කනස්සල්ල ප්රකාශ කළහ.
"ධනවත් රටවල්, විශේෂයෙන් යුරෝපා සංගමය විසින් සෑම වාරයකදීම පාඩු හා හානිය පිළිබඳ සිදුවන සාකච්ඡාවන් ඉහළ නැංවීය" යනුවෙන් ActionAid International හි ප්රචාරක කණ්ඩායමේ Teresa Anderson මෙහිදී අදහස් දක්වමින් පැවැසුවාය. අප්රිකාවේ දැනට මිලියන ගණනකට තර්ජනයක් වෙමින් පවතින නියඟය නිසා ඇති වූ සාගතය පිලිබදව සටහන් කරමින් ඇය තවදුරටත් කියා සිටියේ ධනවත් රටවල් සැබෑ ලෝකය සමඟ "භයානක විසන්ධි වීමක් ඇති බවයි"