2023 වසරේ පැවැත්වෙන G-7 හිරෝෂිමා සමුළුවේ සත්කාරකත්වය දරන ජපානය


2023 G7 සමුළුවට ජපානය සත්කාරකත්වය දරයි

.

මීළඟ G-7 සමුළුව  2023 වසරේ මැයි මස අග භාගය වනවිට Hiroshima නගරයේදී පැවැත්වීමට ජපානය සැලසුම් සකස් කරමින් සිටින අතර මේ මස අගදී එය ප්‍රකාශයට පත් කිරීමට රජය බලාපොරොත්තුවෙන් සිටින බව මේ පිළිබඳ සමීප ආරංචි මාර්ග සඳහන් කළේය .

 

එළැඹෙන වසරේ මැයි මස අගදී සමුළුව පැවැත්වීමේ අදහස පිළිබඳව ජපාන රජය දැනටමත් අනෙකුත් G-7 සාමාජික රටවලට දැනුම් දී ඇති බව සඳහන් වේ. 

 

2022 වසරේ G-7 සමුළුව ජුනි 26 සිට 28 දක්වා ජර්මනියේ Schloss Elmau හිදී පැවැත්වෙන අතරතුරදී 2023 වසරේ සමුළුවේ කාලසටහන ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කෙරේ. 

 

ලොව ප්‍රථම න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරයට ගොදුරු වූ Hiroshima නගරයේ පරමාණු බෝම්බයෙන් විපතට පත් වූවන් සඳහා වන සොහොන් ගෙය ඉදිරිපිට දී අනෙකුත් G-7 නායකයින් සමඟ එක්ව න්‍යෂ්ටික නිරායුධකරණය වෙනුවෙන් ක්‍රියා කිරීමේ තම අධිෂ්ඨානය ප්‍රදර්ශනය කිරීමට අගමැති Fumio Kishida ක්‍රියා කරනු ඇතැයි වාර්තා වේ.

121 Views

Comments