ටෝකියෝ ක්‍රීඩා උලෙළේ සමස්ත පිරිවැය පෙරට වඩා අඩු අගයකින් පහත වැටේ


ටෝකියෝ ක්‍රීඩා උළෙලේ පිරිවැය පහත වැටේ

.

එළැඹෙන Tokyo ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් උළෙල පැවැත්වීම වෙනුවෙන් මේ වසරේ ගණනය කළ පිරිවැය වූ යෙන් ට්‍රිලියන 1.42,  පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී පුරෝකථනය කළ පිරිවැය ට සාපේක්ෂව  යෙන් බිලියන 30 ක මුදලකින් අඩු වී ඇති බව මේ පිළිබඳව දැනුමක් ඇති මූලාශ්‍රයක් සෙනසුරාදා ප්‍රකාශ කළේය.

 

ක්‍රීඩා සංවිධායක කමිටුවේ අඟහරුවාදා පැවැති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමෙන් අනතුරුව පිරිවැය පිළිබඳ “සමීප පරීක්‍ෂණයක් ”  සිදු කර නිල පිරිවැය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බව සඳහන් වේ. 

 

සංවිධායකයින්, මහානගර රජය සහ මධ්‍යම රජය එක්ව ක්‍රීඩා උළෙලේ මූල්‍ය බරට උර දිය යුතු වුවත් නව ගණනය කිරීම් වලට අනුව ටෝකියෝ අගනගර රජයේ බර යෙන් බිලියන 20 කින් සැහැල්ලු වී ඇති බව මේ සම්බන්ධ සමීප මූලාශ්‍රය තවදුරටත් අදහස් දක්‌වමින් කියා සිටියේය .

111 Views

Comments