ඊසානදිග ඉන්දියාව සහ බංග්ලාදේශය හරහා පසුගියදා ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් , නිවාස මිලියන ගණනක් ජලයෙන් යටවී ඇති බව ආපදා කළමනාකරණ ඒජන්සියේ බලධාරීන් සෙනසුරාදා නිවේදනය කළහ.
ඉන්දියාවේ Asssm ප්රාන්තයේ ජීවත් වූ පුද්ගලයින් 9 දෙනෙකු මෙලෙස ගංවතුරෙන් මිය ගොස් ඇති අතර බංග්ලාදේශයේ සමහර ප්රදේශවල ඇදහැළුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් අකුණු සැර වැදී පුද්ගලයන් 9 දෙනෙකු සිකුරාදා මිය ගොස් තිබේ.
පසුගිය දින පහ තුළ නොකඩවා ඇදහැලෙන වර්ෂාවත් සමඟ ඉන්දියාවේ දුම්රිය සේවා කිහිපයක් අවලංගු කරන ලදී. සති අන්තයේදීත් මෙම වර්ෂාපතන තත්වයන් අඛණ්ඩවම පවතිනු ඇතැයි අපේක්ෂා කරන අතර දරුණු ගංවතුර ස්වභාවය තවදුරටත් උග්ර විය හැකි බැවින් දෙරටම සිය හමුදාවන් ගෙන් මුදවා ගැනීමේ මෙහෙයුම් සදහා ආධාර ඉල්ලා ඇති බව වාර්තා වේ .