Ibaraki ප්‍රාන්තයේ සිදුවූ ද්විත්ව කාන්තා ඝාතනය


ඉබරකි ප්‍රාන්තයේ සිදුවූ ඝාතන වල සැකකරුවෙකු අත්අඩංගුවට ගැනේ

.

සෙනසුරාදා රාත්‍රී 9.55 ට පමණ ජාතික මාර්ගය අංක 51 ඔස්සේ අනතුරුදායක ලෙස රිය පදවා කාන්තාවන් දෙදෙනෙකු මරණයට පත් කිරීම සම්බන්ධයෙන් සැකපිට 35 හැවිරිදි පුද්ගලයෙකු Ibaraki ප්‍රාන්තයේ Kashima හි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

Ibaraki ප්‍රාන්තයේ Hokota හි පදිංචිව සිටි 63 හැවිරිදි Yuko Hanawa, සහ 43 හැවිරිදි Tomoko Kubota යන කාන්තාවන් දෙදෙනා Kashima ක්‍රීඩාංගණයේ පැවැති J.League පාපන්දු තරගයක් නරඹා නැවත නිවස බලා යමින් සිටියදී මාර්ග සංඥා සහිත හරස් මාර්ගයේ වේගයෙන් ධාවනය වූ Kamisu හි සමාගමේ සේවකයෙකු වන Kazuyuki Yamamoto ගේ මෝටර් රථයේ ගැටී අනතුරට පත්ව ඇති බව පොලිසිය සදහන් කළේය. 

 

බරපතල තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා වහාම රෝහල් ගත කර ඇති නමුත් එහිදී ඔවුන් මිය ගොස් ඇති බව වාර්තා වේ.

103 Views

Comments