අනියම් බිරිඳ ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ගැනේ


අනියම් බිරිය ඝාතනය කළ පුද්ගලයා අත්අඩංගුවට ගනියි

.

සිය 75 හැවිරිදි Yoko නම් අනියම් බිරිඳ ඝාතනය කළ බවට සැකපිට 74 හැවිරිදි Tamakami Omori නම් කුලී රථ රියදුරෙකු සෙනසුරාදා දින Kyoto පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

දින කිහිපයකින් තම මව ඇමතුමක් ලබා නොදුන් නිසා කනස්සල්ලට පත් වූ ඇගේ පුතා සිකුරාදා රාත්‍රී 7.15 ට පමණ ඇගේ නිවසට ගොස් ඇති අතර එහිදී පුතාට ඇගේ මළ සිරුර හමුවී තිබේ. අත්අඩංගුවට පත් සැකකරු සිය අනියම් බිරිඳගේ නිවසේදී ජුනි 14 වන දින ඇගේ හිසට සහ මුහුණට තමා කිහිප වතාවක්ම පහර දුන් බවට පාපොච්චාරණය කළ බව පොලීසිය සඳහන් කළේය. 

 

අදාළ කාන්තාවගේ මරණයට හේතුව මස්තිෂ්ක හර්නියාවක් බවට මරණ පරීක්ෂණයෙන් හෙළිවී ඇති අතර තම බිරිඳ ඝාතනය කිරීමට කිසිදු හේතුවක් Omori විසින් මේ වනවිට ඉදිරිපත් කර නොමැති බව පැවැසේ.

107 Views

Comments