දේශීය පෙර පාසල් දරුවන්ට තෑගි වවුචර ලබා දීමට පියවර ගත් Kyoto ප්‍රාන්ත රජය


Kyoto ප්‍රාන්තයේ පෙර පාසල් දරුවන්ට තෑගි වවුචර ලබාදීමේ වැඩසටහනක් ආරම්භ වෙයි

.

ප්‍රාන්තය තුළ දැනට ඉගෙනුම ලබන සෑම දේශීය පෙර පාසල් දරුවෙකුටම නව ව්‍යාපෘතියක් හරහා යෙන් 5,000 ක‍ වටිනාකමකින් යුතු පොත් සාප්පු තෑගි වවුචර බෙදා හැරීමට Kyoto ප්‍රාන්ත රජය විසින්  පියවර ගෙන ඇති බව වාර්තා වේ .

 

ප්‍රාන්ත රජය විසින් ව්‍යාපෘතිය සඳහා වන මුලපිරීමක් ලෙස යෙන් මිලියන 704ක මුදලක් වෙන් කිරීමට සැලසුම් කර ඇති අතර, අතිරේක අරමුදල් යෝජනාව ජුනි මාසයේ පැවැත්වෙන සාමාන්‍ය සැසිවාරයේදී ප්‍රාන්ත සභාවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත . ව්‍යාපෘතියේ මූලික පිරිවැය යෙන් බිලියන 1.956 ලෙසට ගණනය කර ඇති බවත් කුඩා ළමුන් 120,000 ක් පමණ මේ සදහා සුදුසුකම් ලබනු ඇති බවත් පැවැසේ. 

 

රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය හේතුවෙන් භාණ්ඩ හා සේවා මිල ගණන් අඛණ්‌ඩව ඉහළ යාම මධ්‍යයේ දරුවන් ඇති දැඩි කරන පවුල්වලට ආධාර කිරීමේ ක්‍රියාමාර්ග ගණනාවක් ආරම්භ වී ඇති අතර තෑගි වවුචර ලබාදීම එහි එක් ව්‍යාපෘතියකි.  ආර්ථික වශයෙන් දුෂ්කරතා ඇති නිවෙස්වල දෙමාපියන්ට පවා තම දරුවන්ගේ පොත්පත් සහ වෙනත් භාණ්ඩ මිලදී ගත හැකි බවට සහතික කිරීම මෙහි මූලික අරමුණ ලෙස දක්වා තිබේ 

115 Views

Comments