Hokkaido ප්රාන්තයේ Hakodate ප්රදේශයේ පිහිටි නිවසේදී සඳුදා පස්වරු 5.50 ට පමණ, 40 හැවිරිදි තම දියණියට අමානුෂික ලෙස පහර දීම සම්බන්ධයෙන් පියා ලෙස සැලකෙන 76 හැවිරිදි පුද්ගලයෙකු සැකපිට පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ .
බීමතින් පැමිණි සැමියා තම දියණියට පහර දෙන බව පවසමින් කාන්තාවකගෙන් ලද ඇමතුමකට අනුව පොලීසිය එම ස්ථානයට ළඟා වී තිබේ .
ඔවුන් දෙදෙනා අතර ඇතිවූ ආරවුලකට පසුව තම දියණියගේ කොණ්ඩයෙන් අල්ලා ගත් බවටත්, පසුව ඇගේ මුහුණට කිහිප වතාවක්ම අතින් පහර දුන් බවටත් මෙම පුද්ගලයාට චෝදනා එල්ල වී ඇති අතර, ප්රහාරයට ලක් වීම නිසා දියණියගේ මුඛයේ තුවාලයක් සිදුව ඇති බවට නිරීක්ෂණය වූ බව ද පොලිසිය කියා සිටියේය.