යුක්රේනයට එරෙහි යුද්ධයේදී න්‍යෂ්ටික අවි භාවිතා කරන බවට රුසියාව විසින් එල්ල කරන තර්ජන මධ්‍යයේ, අඟහරුවාදා දින වියානා හිදී එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික අවි වලට එරෙහි ගිවිසුමේ පාර්ශවකරුවන්ගේ පළමු රැස්වීම ආරම්භ වූ අතර ඊට සමගාමිව Hiroshima සහ Nagasaki නගරාධිපතිවරු න්‍යෂ්ටික අවි සමස්ත ලෝකයෙන්ම ඉවත් කරන ලෙස ඉල්ලා සිටියහ.
දින තුනක රැස්වීම අවසානයේදී එවැනි ආයුධ භාවිතය තුරන් කිරීම සඳහා ගම්යතාවයක් ගොඩනැගීම සංගමයේ අරමුණ ලෙස දක්වා තිබූ නමුත් Hiroshima සහ Nagasaki නගරවලට හෙලන ලද පරමාණු බෝම්බ වලින් දිවි ගලවා ගත් අය අතර සමුළුව පිළිබඳව ඉහළ අපේක්ෂාවන් තිබියදීත්, ජපානය නිරීක්ෂකයෙකු ලෙස හෝ එයට සම්බන්ධ නොවීය .
ජපානය න්‍යෂ්ටික අවිවලින් තොර ලෝකයක් සඳහා “යථාර්ථවාදී ප්රයත්නයන්” ප්‍රවර්ධනය කරන බවත් න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුම ලෙස නිල වශයෙන් හැඳින්වෙන ගිවිසුමට කිසිදු න්‍යෂ්ටික අවි රාජ්‍යයක් අත්සන් කර නොමැති බැවින් , තමන් ඒ සදහා සම්බන්ධ නොවන බවත් ජපාන රජය ප්‍රකාශ කළේය.